ප්‍රදේශ කිහිපයක පාසල් හැර අනෙකුත් පාසල් අද විවෘත වෙයි...විවෘත නොවන ප්‍රදේශ මෙන්න.
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද (11) දිනයේ විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු ඒ අනුව අද දිනයේ සිට ආරම්භ කෙරෙන බවයි.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් විවෘත කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළා.
මේ අතර, නැගෙනහිර පළාතේ පාසල් 32 ක් හැර අනෙක් සියලු පාසල් අද දිනයේ විවෘත කෙරෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු සියලු ප්‍රදේශවල පාසල් විවෘත කිරීම සිදුවන බවයි.
මේ අතර දකුණු පළාතේ පාසල් 06 ක් හැර අනෙක් සියලු පාසල් අද දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ.
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් ද සතියකින්ද ප්‍රමාද කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර අද දිනයේ සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා සිසු සැරිය බස්රථ සේවාව ක්‍රියාත්මක කරන බව ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.