සීනි වලින් හැදෙන කාබනික පොහොර
සීනි නිෂ්පාදනයෙන් ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ලංකා සීනි සමාගම ආරම්භ කර තිබෙනවා. සමාගමට අයත් උක් වගා බිම් අක්කර 35,000ක් සඳහා සම්පූර්ණ පොහොර අවශ්‍යතාව සැපිරීම මෙහි ඉලක්කයයි.
ලංකා සීනි සමාගමේ පැල්වත්ත සහ සෙවනගල කර්මාන්තශාලා ද්විත්වයේ උක් වගා බිම් සඳහා රසායනික පෙහොර යෙදීමට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටි 25කට ආසන්නයි. එම තත්ත්වය තුළ කොම්පොස්ට් නිපදවිය හැකි සීනි නිෂ්පාදනයෙන් ඉවතලන අපද්‍රව්‍ය මේ දක්වා නිසි ප්‍රයෝජනයකට නොගෙන අවිධිමත් ලෙස බැහැර කර තිබුණා.
රසායනික පොහොර තහනම් කිරීමේ රජයේ තීරණයත් සමඟ අපද්‍රව්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදා ගනිමින් වගාකරුවන් සඳහා කාබනික පොහොර යෙදීම කෙරෙහි සීනි සමාගමේ අවධානය යොමුව තිබෙනවා. සීනි නිෂ්පාදනයේ අපද්‍රව්‍ය යොදාගනිමින් කොම්පෝස්ට් නිපදවීමේ අංගනයක් මේවන විට සෙවනගල කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතිනවා.
සෙවනගල සහ පැල්වත්ත කර්මාන්ත ශාලා ද්විත්වයේම අපද්‍රව්‍ය යොදා ගනිමින් දිනකට කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 100 නිෂ්පාදනය කිරීම සමාගමේ ඉලක්කයයි. මෙම කටයුතු නිරීක්ෂණය කිරීමට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාව නිරත වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |