පොහොර නිෂ්පාදනයට නව අමාත්‍යංශයක්!
පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය “ජාතික කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය” බවට පත්වු වගයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රසායනික පොහොර හා කෘමිනාශක ද්‍රව්‍ය ආනයනය පසුගියදා තහනම් කරන ලදී.
මෙම තහනමත් සමඟම පොහොර නිෂ්පාදන හා සැපයුම්, කෘමිනාශක ද්‍රව්‍යය පිළිබඳව ප්‍රධාන කාර්යභාරය හිමිව තිබූ, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා රාජ්‍ය අමාත්‍යධුරය දැරූ පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය, “ජාතික කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය” වශයෙන් නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනෙකුත් රටවල් හා ගත්කල ශ්‍රී ලංකාව වැඩිපුරම පලිබෝධ නාශක සහ රසායනික පොහොර භාවිත කරන රටවල් අතර ඉතා ඉහළ ස්ථානයක් ගනී.
රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් පසට,ජලයට සිදුවන හානිය මෙන්ම වකුගඩු රෝග, පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ඍජුවම බලපාන අතර එය ගුණාත්මක ආහාර වේලක් ජනතාවට ලබාගැනීමේ අයිතියට ඇති මහගු තර්ජනයකි.
ඒ අනුව නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහිකරීම හා වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාගැනීමේ අයිතිය සුරකිනු වස් මෙරට කෘෂිකර්මාන්තය මුලුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණය රටක් වශයෙන් අප ලත් මහගු ජයග්‍රහණයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |