විපක්ෂ නායක රටවල් රැසක තානාපතිවරු හදිසියේ හමුවෙයි.

sajith premadasa urop frence ithali iran wikramarathne
By Aruna Apr 27, 2021 07:24 AM GMT
Report

යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi, ප්‍රංශ තානාපති Mr, Eric Lavertu, ඉතාලි තානාපතිනි Ms, Rita giuliana Mannella, ජර්මන් තානාපති Mr, Holger Seubert,රොමේනියානු තානාපති Mr, Victor chiujdea යන රාජතාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(27) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්,ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර මෙම ව්‍යසනය කළමනාකරණයේ දී ඇතිවී තිබෙන දුර්වලතා පිළිබඳවද අවධානය යොමු කරනු ලැබීය .

ආණ්ඩුව විසින් දියත්කොට ඇති මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකළ අතර විපක්ෂ සහ සමගි ජනබලවේගය ලෙස ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.

මානව,සිවිල්,ආර්ථික,සමාජයීය,දේශපාලන ,ආගමික ,සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ අතර මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය එකී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙන බවද විපක්ෂ නායකතුමා මෙහිදී පැවසීය .