තරුණියන් 150 දෙනෙකු යොදාගෙන ඔන්ලයින් ක්‍රමයට කළ ග'ණිකා ජාවාරම

Prostituition
By Thaya Jan 15, 2021 11:39 AM GMT
Thaya

Thaya

Report

රටපුරා සිටිනා ගණිකාවක් යොදාගෙන ඔන්ලයින් තාක්ෂණය භාවිතයෙන් දරුවන් බිලි ගන්නා ඔන්ලයින් ගණිකා ජාවාරමක් බස්නාහිර පළාත් බුද්ධි ඒකකය මගින් අනාවරණය කරගෙන ඇත.මේ සඳහා සකස් කළ වෙබ් අඩවියක් මගින් ගණිකා වෘත්තියේ නිරත තරුණියන්ගෙන් දිනපතා රුපියල් 800 ත් 1000 ත් අතර මුදලක් අයකර ගන්නා බව හෙළිවී තිබේ. දැනට කර තිබෙන විමර්ශන අනුව වෙබ් අඩවිය හිමිකරුට දිනකට ගණිකාවන්ගේ දැන්වීම් පළකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි මුදලක් ලැබෙන බවද හෙළිවී ඇත.ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගන්නා ළමයින් රවටා විවිධ තැන්වලට ගෙන්වාගෙන මුදල් ගරන ජාවාරමක්ද මෙම ජාවාරම්කරුවන් කරති. බම්බලපිටිය පොලිස් වසමේදී පාසල් ළමයකු මෙම ගණිකාවන්ගේ ඇසුර සොයා පැමිණ මුදල් ප්‍රශ්නයක් වී තුවාල ලබා සිටියදී පොලිසියට හමුවී ඇත.මෙම ජාවාරමට සම්බන්ධ තරුණියන් එකසිය පනහක් පමණ දිනපතා වෙබ් අඩවියට දැන්වීම් පළකරන බව හඳුනාගෙන ඇති බවත් සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන අයුරින් ජාවාරම කරගෙන යන බවත් හෙළිවී තිබේ.බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුන් නියෝගයක් අනුව බස්නාහිර පළාතේ බුද්ධි කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාවාරමට සම්බන්ධ කාන්තාවන් 18 ක් ගතවූ දින කිහිපයේ අත්අඩංගුවට ගෙන ඇත.මෙම වැටලීම්වලින් හෙළි වූ තොරතුරු අනුව අදාළ වෙබ් අඩවියේ හිමිකරු සොයා ගැනීමට හා එය තහනම් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ සහාය ලබාගෙන ඇත.