ක්‍රීඩා කරන පිරිසකට රතු එළියක්..තරුණ තරුණයින්ට අනතුරුදායක තත්ත්වයක්.
කුඩා දරුවන්ට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට ලබාදෙන කාලය සීමා කිරීමට චීනය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට වීඩියෝ ක්‍රීඩා සිදු කළ හැක්කේ දිනකට පැයක් බැගින් සතියකට උපරිම දින තුනක් පමණ යි.
ඒ අනුව එම පැය තුන සඳහා ද අවසරය ලබා දී ඇත්තේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල දී මෙන්ම රජයේ නිවාඩු දිනවල දී පමණක් බවයි වාර්තාවන්නේ.
එසේම එලෙස ක්‍රීඩා කළ හැකි වේලාව ද රාත්‍රි අටේ සිට නවය දක්වා පමණක් සීමා කර තිබෙනවා.
තරුණ පරපුරට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවලින් සිදුවන අහිතකර බලපෑම හේතුවෙනු යි චීනය මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර පැරාඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබෙනවා.
ඒ, රන් 54ක්, රිදී 35ක් සහ ලෝකඩ 30ක් සමඟින් සමස්ත පදක්කම් 119ක් ලබාගනිමින්.
දෙවන ස්ථානයේ බ්‍රිතාන්‍යය පසුවන්නේ රන් 27ක්, රිදී 21ක් සහ ලෝකඩ 22ක් සමඟින් සමස්ත පදක්කම් 70ක් ලබාගෙන යි.
තුන්වන ස්ථානයේ පසුවන රුසියාව රන් 21ක්, රිදී 11ක් සහ ලෝකඩ 32ක් සමඟ සමස්ත පදක්කම් 64ක් ලබාගෙන තිබෙනවා.
රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගත් ශ්‍රී ලංකාව පසුවන්නේ 45 වන ස්ථානයේ යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
