අඩු මිලට ඕන තරම් තෙල් දෙන්නම්.. රුසියාවෙන් ලංකාවට දන්වයි..
United Russia
Gotabaya Rajapaksa
Mahinda Rajapaksa
Sri Lanka
By Aruna
ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.
තමන් වහන්සේ විසින් මේ සඳහා වන වැඩපිළිවෙල ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙත ලිඛිතව යොමු කළ බව ද උන්වහන්සේ කියා සිටිති.
ඉතා ඉක්මනින් අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බවද පවසන උන්වහන්සේ පාට පක්ෂ පසෙක දමා ජන ජීවිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවද කියා සිටියා.
පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඇති තරම් ඉන්ධන අඩු මිලට ලබා දිය හැකි බව රුසියානු නියෝජිතයන් තමන් වහන්සේට ලිඛිතව දැනුවත් කර ඇති බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |