ගිනිගත් නැවෙන් තෙල් කාන්දුවක් ?(PHOTOS)

colombo harbor oil leak x-press pearl marine pollution department of disaster
By Sewvandhi Jun 10, 2021 02:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MV X - Press pearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන ඇමෙරිකානු marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙම දත්ත සඳහා අදාළ වාර්තාව උපයෝගී කරගෙන ඇත්තේ සාගර කලාපයන්හි සිදුවන දේශගුණික වෙනස්කම් නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට භාවිත කරන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක්.

එම වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ මෙම තෙල් බවට සැකකළහැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බවයි. එය පවතින සුළං තත්වයත් සමඟ තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වාදෙනවා.

ඔවුන් පවසන්නේ නැව ස්ථානගතව ඇති ප්‍රදේශය අවට නාවික සැතපුම් 12ක් පමණ දුරට මෙය ව්‍යාප්තවිය හැකි බවටයි. එමෙන්ම එම තෙල් පැල්ලම නැව ස්ථානගතව ඇති ප්‍රදේශයේ සිට ඊසාන දිගට පැතිරෙන බවයි ඔවුන් වාර්තා කරන්නේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery