අ.පො.ස (සා.පෙළ ) දරුවන් ගේ හැදුනුම් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත යවා අවසන්..
කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා තිබුවද මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (සා.පෙළ )පාසල් දරුවන් ගේ හැදුනුම් පත් සකස්කොට අදාල බල ප්‍රදේශවල ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත යවා ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව පවසයි. නමුත් මෙතෙක් බොහෝ පාසල් වල විදුල්හල්පතිවරු හා ගුරුවරුන් පැමිණ තම පාසල් දරුවන්ගේ හැදුනුම්පත් රැගෙන ගොස් නොමැති බැවින් කඩිනමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ අ.පො.ස(සා.පෙළ) විභාගයට පෙනී සිටින දරුවන්ගේ හැදුනුම්පත් රැගෙන යාමට පියවර ගන්නා ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
තම දෙපාර්තුමේන්තුව මගින් පාසල් දරුවන්ගේ හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යැවු විගස පාසල් වලට දැණුම් දුන්නද සමහරක් පාසල් වලින් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද ඒ මහතා පවසයි. පා.පෙළ විභාගයට පෙනී සිටින දරුවන් කිසිදු බියක් ඇති කර ගත යුුතු නොමැති අතර ඉල්ලුම් කළ සෑම දරුවකු සදහාම හැදුනුම්පත් සකස් කොට අදාල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තුමේන්තුවේ කාර්යාල වෙත යවා ඇතැයිද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසුවේය.
