කොරෝනා නොතකා අදත් නුවරඑලියට මහ පිරිසක්.. නගර සභාව වසන්ත සැණකෙලියක් පවත්වයි…

By Wasantha Apr 25, 2021 11:35 AM GMT
Wasantha

Wasantha

Report

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා (25) දිනයෙත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය. නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර ඇති වසන්ත සැණකෙලියට සමගාමිව සංචාරකයන් පිරිස පැමිණ සිටිහ. නුවරඑලිය ග්‍රෙගරි වැව අසන්නයේ 4*4 ජිප් රථ තරගාවලිය පැවති අතර, එම තරගාවලිය නැරඹිමටද විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටිය අතර එසෙ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් විනෝද වන අයුරු අප කැමරාවේ සටහන් විය. නුවරඑලිය නගරයේ සියළුම සංචාරක නිකේතන වල සංචාරකයන්ගෙන් පිරි ඇති බවයි නුවරඑලිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ.