නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරී යයි - නගරාධිපතිගෙන් ඉල්ලීමක්
By Wasantha
අලුත් අවුරුදු උත්සව නිමිත්තෙන් නුවරඑළිය නගරයට විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙමින් සිටින බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වාර්තාගත ලෙස මෙවර අලුත් අවුරුදු සමයේ සංචාරකයින් නුවරඑළිය නගරය වෙත පැමිණ ඇති බවය.
මේ හේතුවෙන් නාවාතැන් ගැනීමේ ස්ථාන ද පිරි ගොස් ඇති බව චන්දනලාල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
නුවරඑළියට පැමිණීමට පෙර නාවාතැන් ගන්නා ස්ථාන පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව නුවරඑළිය නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
"නගරයට පිසිවෙන සංචාරකයින්ට අපි නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා මතක් කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයලා තියෙනවා. ඒ වගේම නුවරඑළියට එන්න කලින් අවශ්‍ය නවාතැන් පහසුකම් වෙන්කරවා ගන්න."