හෙද විදුහලකත් කොවිඩ් ආසාදිතයින්

COVID19 CORONTINE BADULLA NURSING COLLAGE STUDENTS
By Sewvandhi Apr 23, 2021 01:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බදුල්ල හෙද විදුහලේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ ශිෂ්‍යාවන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් සිසුන් පිරිසක් හෙද විදුහල තුළදීම ස්වයං නිරෝධායනයට යොමු කළ බවය.

කොවිඩ් - 19 වෛරසය ආසාදිත ශිෂ්‍යාවන් දෙදෙනාගේ සමීපතම ආශ්‍රිතයින් පිරිසක් හෙට දිනයේ PCR පරීක්ෂණ සඳහා යොමුකරන බවත් බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය. කෙසේ නමුත් බදුල්ල හෙද විදුහල වසා තැබීමක් සිදු නොකරන බව එම කාර්යාලය සඳහන් කරයි.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb