ළදරු සහ කොවිඩ් ඒකක වලද හෙදියන් වර්ජන - රෝගීන් අපහාසුතාවයට

Sri lanka covi 19 Nurse straf genaral hospitals
By Sithumi Jul 02, 2021 12:10 PM GMT
Sithumi

Sithumi

Report

හෙද වෘත්තීය සංගම් වල ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට මන්නාරම් රෝහලේ කොවීඩ් ඒකකයේ සහ ළදරු ඒකකයේ හෙද හෙදියන්ද රාජකාරියෙන් ඉවත්වීම හේතුවෙන් වෛද්‍යවරුන් සහ රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

මෙම දීපව්‍යාපත් වර්ජනයේදී ළමා රෝහල් සහ කොවිඞ් රෝහල් සහ ඒකක සම්බන්ධ නොකරගන්නා ලෙසට දැනුම් දී තිබුණද එය නොසලකා හරිමින් මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ හෙදියන් අනිකුත් ඒකක වලට අමතරව කොවිඞ් ඒකකයේ සහ විශේෂ සත්කාර ළදරු ඒකකයේ ද රාජකාරි වලින් වැළකී සිටීමට පියවර ගෙන අත.

මේ නිසා අවදානමට ලක්වූ රෝගීන් අතරේ කොවිඞ් වැළදුණු මාස 8ක් වයසැති දරුවෙකුත් තව නවජන්ම ළදරුවන් ගණනාවකුත් අදාල ඒකකයන්හි සිටියදී මෙලෙස රාජකාරී කටයුතු වලින් ඉවත්ව ඇත.

කෙසේ නමුත් අඩාල වූ එම හෙද රාජකාරි වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය විසින් දිවා රාත්‍රී කැපවීමෙන් සිදු කිරීමද විශේෂත්වයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now