කොරෝනා රෝගීන් වෙනුවෙන් කාලය වැය කළ මිනුවන්ගොඩ "හිතහොඳ නර්ස් නෝනා" කොරෝනා වැළඳී අවසන් ගමන් යයි

covid 19 gossip corona vrus
By Sithumi Aug 30, 2021 02:33 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවසන් මොහොත දක්වා කැපවීම් කර කොවිඩ් නිසාම සිය ජීවන ගමනට සදහටම සමුදුන් හෙද සොයුරියක් පිළිබඳ සංවේදී පුවතක් අපට වාර්තා විය. ඒ මිනුවන්ගොඩ මූලික රෝහලෙනි. අවාසනාවන්ත ලෙස ඉන්දු අමරසිංහ නම් හෙද සොයුරිය සිය ජීවිතයට සමුදුනි.

මිනුවන්ගොඩ රෝහලේ සේවය කරමින් සිටි ඇය කොවිඩ් ආසාදනය වී එම රෝහලේම ප්‍රතිකාර ලැබීය. නමුත් රෝගී තත්ත්වය ක්‍රමයෙන් බරපතළ වූ හෙයින් පසුගිය 14 වනදා ඇයව කොළඹ IDH රෝහල වෙත මාරු කෙරුණි. නමුත් තම අවසන් හුස්ම පොද රැකගන්නට තරම් ශක්තියක් ඇය සතුව තිබුණේ නැත.

රෝගීන් සිය ගණනක් කොවිඩ් මාරයාගෙන් ගලවාගත් ඉන්දු මහත්මිය පසුගිය 26 වැනිදා කොවිඩ් මාරයා සමග සිය අවසන් ගමන ගියාය. මින් පෙර කොළඹ ජාතික රෝහලේ සහ ගම්පහ මූලික රෝහලේ සේවය කළ ඇය වසර 37ක සේවා කාලයකට හිමිකම් කියූ ප්‍රවීන හෙද සොහොයුරියකි.

ඇය රෝහලේ ප්‍රමුඛ චරිතයක් වුණේ හසල අත්දැකීම් නිසා පමණක්ම නොව ඈ තුළ තිබූ උතුම් මානුෂික ගුණාංග නිසා ය. සමහර කොවිඩ් රෝගීන්ට කෑම පවා රැගෙන ඒමට ඇය විටෙක කාරුණික වූවාය. කොවිඩ් රෝගීන්ට හිතාදර මිතුරියක වූ ඇය සෙනෙහස පිරි නිවසක ආදරණීය දෙදරු මවක් ද විය

. "හැම මොහොතකම පරිස්සම් වන්න" ඒ..ඇය ඔබට දී ගිය පණිවුඩයයි. "හැම දේකින්ම අම්මා පරිස්සම් වුණා. මමත් රැකියාවට යන කෙනෙක් විදිහට දැකපු දෙයක්.., සාමාන්‍ය පුරවැසියන් හැමදේම පොලීසියට සහ රජයට භාරදීලා ඉන්න උත්සාහ කරනවා. පුළුවන් නම් ඒකෙන් වැළකිලා තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව තමන්ගේ අතට ගන්නවා නම් මේ ප්‍රශ්නය දුරදිග යන එක අපිට නවත්ව ගන්න පුළුවන් වෙයි. තමන්ට අවංක වෙලා සෞඛ්‍ය පුරුදු පිළිපැදලා..

තමන්ගේ කෙනෙක් නැති වෙන දුක දරාගන්න වෙන්නේ නැති තැනට වැඩ කරන්න කියලා ඉල්ලනවා." යැයි හෙද නිලධාරිනියගේ දියණිය පැවසුවාය

ReeCha