බස්නාහිර පළාතේ මාළු වෙළෙඳුන්ට දැනුම්දීමක්

fish Western-Province
By Thaya Jan 03, 2021 01:29 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාතේ මත්ස්‍ය අලෙවි ස්ථානවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

ඊයේ (01) දිනයේ දී එම පරීක්ෂණ සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා,

“බස්නාහිර පළාත ආශ්‍රිතව තිබෙන මාළු ලෑලිවල එසේත් නැතිනම් මාළු වෙළෙඳාම කරන ස්ථානවල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරනවා. විශේෂයෙන් බස්නාහිර පළාත ආශ්‍රිතව මහා පරිමාණ මාළු වෙළෙඳාම් කරන ස්ථාන 581 තිබෙන බවට හඳුනා ගෙන තිබෙනවා. මේ වන විට 157 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කර තිබෙනවා. ඊයේ දිනයේත් පෙරේදා දිනයේත්. මේ සියලු පරීක්ෂා මඟින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාත තුළ පිහිටි මත්ස්‍ය හා එළවළු වෙළෙඳාම් කරන ස්ථාන විවිධ තොග වෙළෙඳ ස්ථාන හා පොළ නිරන්තරයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබෙනවා.“