2021 ජනවාරි 01 සිට WhatsApp භාවිතා කළ නොහැකි දුරකථන ගැන දැනුම්දීමක්
නව WhatsApp යාවත්කාලීනයක් මගින් 2021 ජනවාරි 01 වන දින සිට මිලියන ගණනක පැරණි මාදිලියේ දුරකථන සඳහා WhatsApp සහය නොදක්වන බව එම සමාගම පවසනවා.
ඒ අනුව පැරණි ඇන්ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් උපාංග තවදුරටත් WhatsApp යෙදුමේ නවතම අනුවාදයට සහය නොදක්වන අතර අයිතිකරුවන්ට ඔවුන්ගේ ජංගම මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීමට හෝ නව ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට සිදු වනවා
IOS 9 හෝ නවතම යාවත්කාලීන ධාවනය නොකරන ඕනෑම අයිෆෝන් හෝ අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 ධාවනය නොකරන ඕනෑම දුරකථනයක් (අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ලෙසද හැඳින්වේ) WhatsApp විවෘත කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් නොහැකි වනු ඇති.
මෙයින් අදහස් කරන්නේ අයිෆෝන් 4 දක්වා ඇති සියලුම අයිෆෝන් මාදිලි වලට WhatsApp සඳහා සහය දැක්වීමට නොහැකි වනු ඇති බැවින් මෙම දුරකථන iOS 9 වෙත යාවත්කාලීන කිරීමට ද හැකියාවක් නැහැ.
අයිෆෝන් 4 S, අයිෆෝන් 5, අයිෆෝන් 5 S, අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 S යන සියල්ලම iOS 9 ට පෙර නිකුත් කරන ලද අතර හිමිකරුවන්ට තවමත් මෙහෙයුම් පද්ධතියට යාවත්කාලීන කළ හැකියි.
WhatsApp සහය අහිමිවන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අතර Samsung Galaxy S2, HTC Desire and LG Optimus Black ඇතුළත් වනවා.