උත්සව සමයේ කළ යුතු දෙයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්.
Police
Ajith Rohana
By Thaya
කොවිඩ් අවධානම මෙරටින් තුරන් වී නොමැති බැවින් එළඹෙන උත්සව සමයේදිද සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි පිළිපදින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. . නිරෝධායන නීති උල්ලංඝණය කළ 3,391 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, වෙළඳසැල් වලට යාමේදී සබන් ගා අත්සෝදා,මුව ආවරණ පැළඳ, මීටරයේ දුරස්ථභාවය තබා ගනිමින් කටයුතු කළ යුතු බවයි. එසේ කටයුතු කළහොත් අවුරුදු සමය සතුටින් ප්‍රීතියෙන් ගත කළ හැකි බව අජිත් රෝහණ මහතා කියා සිටියා.