රාජ්‍ය ආයතන 250ක ප්‍රධානීන් රැසක් කොළඹට - හේතුව මෙන්න
අල්ලස සහ දූෂණය රහිත, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව, අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සඳහා උපදෙස් ලබා දුන් රාජ්‍ය ආයතන 250ක ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස, රාජ්‍ය ආයතන 106ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා එහි නිලධාරීන් පුහුණු කිරීම කලින් සිදු කර ඇති අතර, දෙවන පියවර ලෙස තවත් රාජ්‍ය ආයතන 250ක අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට උපදෙස් ලබා දී තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අනුග්‍රහය යටතේ මෙම වැඩමුළුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළේය.
ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙම අවස්ථාවේදී පැවසුවේ, ශ්‍රී ලංකාව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල උසස් ශ්‍රේණිගත කිරීම් රැඳී සිටියද, 2024 දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව 121 වන ස්ථානයට පැමිණ ඇති අතර, එය වෙනත් ක්ෂේත්‍රවල ශ්‍රේණිගත කිරීම්වලට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි.