බල්ලා සපා කෑ PHIගේ ලිපිගොනු වලට වෙච්ච දෙයක් නැහැ...නිවෙස් හිමියන්ට නීතිය.

Police
By Thaya Feb 23, 2021 05:15 PM GMT
Thaya

Thaya

Report

කෑගල්ල නගරයේ පවත්වාගෙන යන හෝටලයක හිමිකරු සහ පවුලේ සාමාජිකයන් පස්දෙනකු නිරෝධායනය කිරීමට ගිය රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මොළගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. යමීන් එම නිවසේ බල්ලා සපා කෑමෙන් තුවාල ලබා තිබෙන බව ඉකුත් 20 වැනිදා රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මොළගොඩ මාහීන්තැන්න ග්‍රාමයේ පදිංචි මෙම නිවස වෙත යාමට මත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිවෙස් හිමිකරු හට ඒ පිළිබඳ දුරකතනයෙන් දැනුම් දී ඇත. එහෙත් නිවැසියන් බල්ලා බැඳ නොතිබීම හේතුවෙන් නිවස ඉදිරිපිටට පැමිණෙනවාත් සමග තමා පෙරළාගෙන සපා කෑ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

තමා පෙරළාගෙන සපා කන අවස්ථාවේ අසල නිවසක කිහිප දෙනකු පැමිණ බල්ලා හට පහර දී පලවා හැර තමා මුදා ගත් බව ඔහු පැවසීය. සිද්ධියෙන් තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ජංගම දුරකතනයටද දැඩි අලාභහානි සිදු වී රාජකාරි පොකට් නෝට්ටුව අස්ථානගත වී ඇති බවද අප කළ විමසීමකදී ඔහු පැවසීය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ දැනුවත් කළ බවය. ඔහුගේ උපදෙස් පරිදි නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.