මේ නඩුවලට පෙනී ඉන්න නොමිලේ නීතිඥවරු නෑ

Report

ළමා අපයෝජන නඩු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ක්‍රියා කරනු ලබන නීතිඥ සංචිතයක් සැකසීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වසරක කාලයක සිට නීතිඥවරුන්ට දැනුම් දීමක් කළත් මෙතෙක් කිසිදු නීතිඥවරයකු ළමුන් සඳහා නොමිලයේ සේවාවන් සැපයීම සඳහා ඉදිරිපත්වී නොමැති බව සඳහන්.

මෙම සංචිතය පිහිටුවීමේ අරමුණ වූයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සේවාව ලබාදීමයි. එතුළින් ළමා අපයෝජන වින්දිතයන් සඳහා අධිකරණයේ පෙනී සිටීමත් කරුණු දැක්වීමත් බලාපොරොත්තු වේ.

එමෙන්ම බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගනිමින් කටයුතු කළ හැකි සුදුසුකම්ලත් නීතිඥවරුන් මෙම නීතිඥ සංචිතයට ඇතුළත් කරගන්නා බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය පවසයි. කෙසේ වෙතත් මෙම සංචිතයේ නීතිඥවරයකු වශයෙන් කටයුතු කිරීමට නීතිඥවරයකුට අවුරුදු 10කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් තිබිය යුතු අතර මහෙස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ පළපුරුද්දක් තිබිය යුතු වේ.

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

තවද ළමුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යාමේදී සියලු වෘත්තීය වියදම් හා ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දැරිය යුතු බවත් ළමා රක්ෂණ අධිකාරිය සමඟ රහස්‍ය ප්‍රකාශයකට එළැඹිය යුතු බවත් සභාපතිවරිය දැනුම්දීමක් සිදු කර ඇත.

එහෙත් වසරක කාලයක් මේ සඳහා ළමාරක්ෂණ අධිකාරිය දැනුම්දීමක් සිදු කළද මෙතෙක් කිසිදු නීතිඥවරයකු හෝ නීතිඥවරියක සිය සේවාව නොමිලයේ ලබාදීමට කටයුතු කර නොමැති බව ආරංචි මාර්ග පවසයි.

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

රන් මිල බිමට - ගැනුම්කරුවන්ට සුභ පණිවිඩයක්

රන් මිල බිමට - ගැනුම්කරුවන්ට සුභ පණිවිඩයක්