ජංගම දුරකථනය සමඟින් charger එකක් මින් ඉදිරියට ලබා නොදෙන බව දුරකථන නිෂ්පාදන සමාගමක් කියයි.
no charger
By Thaya
වසර කිහිපයකට පෙර Apple සමාගම විසින් තම iPhone වලින් 3.5mm headphone jack එක ඉවත් කළ විට බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයින් එය විහිළුවට ලක් කළ නමුත්, අවසානයේ එම ක්‍රියාවලිය තම ජංගම දුරකථන වලට ද සිදු කිරීමට කටයුතු කරන අයුරු දැකගත හැකි වුණා.
එමෙන්ම Apple සමාගම විසින් iPhone එකක් අලුතින් මිලදීගැනීමේදී ඒ සමඟින් charger එකක් ලබා නොදීමට තීරණය කළ බව නිවේදනය කළ විටද මෙය ඒ අයුරින්ම සිදු වූ නමුත්, මේ වන විට අනෙකුත් Android ජංගම දුරකථන නිෂ්පාදකයින් ද ක්‍රමයෙන් එය අනුගමනය කිරීමට පෙළඹෙන බව දැකගත හැකි වෙනවා.
මේ වන විට Xiaomi සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන CEO Lei Jun විසින් ප්‍රකාශ කර සිටින්නේ දෙසැම්බර් 28 වැනි දින නිකුත් කිරීමට නියමිත Xiaomi Mi 11 ජංගම දුරකථනය සමඟින් ද මේ අයුරින් charger එකක් ලබා නොදීමට Xiaomi සමාගම තීරණය කර ඇති බවයි.