ඉන්ධන මිල සංශෝදනය නිසා ආහාර මිල ගණන් වැඩි වෙයිද
ඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම ඔහු අවධාරණය කළේ ගෑස් මිල ඉහළ ගියහොත් ආහාර මිල ගණන් සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට සිදුවන බවයි.
තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
"ඉන්ධන මිල වැඩිවුණේ, රුපියල් 12ත්, 15ත් කියන සුළු මුදලකින්. ඒ නිසා අපිට ආහාර පාන මිල වැඩි කිරීමක් සිදු කරන්න බැහැ. ඇත්තටම මේක අපිට පිරිවැයක් කරගන්න බැහැ. ඒ නිසා ආහාර මිල වැඩි කිරීමක් සිදුවෙන්නේ නැහැ. ආහාර මිල වැඩි කරන්න එපා කියලා ආපනශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවලදී මහජනතාවට පීඩා වන අයුරින් වැඩි මිලට ආහාර අලෙවි කරන ආපනශාලා වටලා ඔවුන්ට ලබා දෙන්න ඕන දඬුවම් ලබා දෙන්න කියලා අපි පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කරනවා. රුපියල් 12ක් වැනි සුළු මුදලකින් ආහාර මිල වැඩි වුණා කියලා ආහාර මිල වැඩි කරන්න බැහැ. ගියවතාවේ ආහාර මිල වැඩි කරද්දී බිත්තර මිල රුපියල් 42යි.
දැන් බිත්තරයක් රුපියල් 26කට විතර අඩු වෙලා තියෙනවා. කුකුල් මස් කිලෝවක් රුපියල් 1450ක තිබුණේ, දැන් 1250ට 1350ට බැහැලා තියෙනවා. මේ නිසා ආහාර මිල වැඩිවීමකට යන්නේ නැහැ කියලා පාරිභෝගික ජනතාවට කියනවා. හැබැයි ගෑස් මිල යම් කිසි ආකාරයකින් ඉහළ ගියොත්, ඒ පිළිබඳව සාකච්ඡාවක් කරලා කෑම මිල වැඩි කරනවා ද අඩු කරනවා ද කියලා තීරණයක් ගන්න වෙනවා."
පසුගිය මාර්තු මස 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ඉහළ දැමීමට කටයුතු කර ඇත.