යුද ගිනි මැද හමුදා ග්‍රහණයට හසුවූ භටයෙක් ඒ මොහොතෙම අත් බෝම්බයක් පුපුරවා ගනී - ක්‍රියාව වෙනුවෙන් විශේෂ ප්‍රශංසාවක්
By Kaushi
යුක්‍රේනයට එරෙහි යුද්ධය වෙනුවෙන් රුසියාවට සහය පළ කරමින් සහභාගී වූ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් පමණ මියගොස් ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එම යුද ගැටුම් සඳහා උතුරු කොරියානු හමුදා භටයන් 15,000ක් පමණ යොමු කර ඇති බව සඳහන්.
තවද යුද ගැටුම් අතරතුර යුක්‍රේන හමුදා ග්‍රහණයට ලක් වූ අවස්ථාවේදී කොරියානු යුද හමුදා භටයෙක් අත් බෝම්බයක් පුපුරවා ගනිමින් දිවි හානි කරගෙන ඇති බවට ද වාර්තා පළ වේ.
කෙසේ වෙතත් අඳාළ ක්‍රියාව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රශංසාවට ලක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.