නිරෝධායන නීති කඩ කළ 19 ක් අත්අඩංගුවට.

Police Ajith rohana Nirodayanaya
By Aruna Apr 25, 2021 03:25 AM GMT
Aruna

Aruna

Report

මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංතුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පුද්ගලයින් වැඩි පිරිසත් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශ වලින් බවද ඒ මහතා පැවසීය.

මුහුණු ආවරණ නොපැළඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

2020 ඔක්තෝබර් 31වන දා සිට මේ දක්වා එලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ පුද්ගලයින් 3470 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

නිවසෙන් පිටව යන සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳිය යුතු බවත් විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවය බාවිත කරන පිරිස ඒ සම්බන්ධයෙන් දැඩිව අවදානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය නොමැතිව කිසිදු උත්සවයක් පැවැත්විය නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

https://youtu.be/jkEau_r_dRw