‘ආණ්ඩුව පරිණත නෑ.. කරන වැඩ නිසා අපටත් ඉන්න විදහක් නෑ..’ මාලිමාවේ ප්‍රබලයෙක් ගෙන් රතු එළියක්..

Report

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම ආරම්භය කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.

ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී කිසිදු පරිණතභාවයක් පිළිබිඹු නොකරන බවත් මෙවැනි ක්‍රියාවල ප්‍රතිඵලය ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව පත්කිරීම සඳහා පෙනී සිටි අයට ද භුක්ති විඳීමට සිදුවන බවයි ඒ මහතා කියා සිටියේ.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ලැබෙන දිනයක්..මේ ලග්න වල අය ඉවසීමෙන් වැඩ කරන්න.(VIDEO)

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ලැබෙන දිනයක්..මේ ලග්න වල අය ඉවසීමෙන් වැඩ කරන්න.(VIDEO)


කිසිවෙකු අත්අඩංගුවට ගෙන අසත්‍ය ප්‍රචාර පාලනය කිරීමට හැකි යැයි සිතීම මෙන් ම අසත්‍ය ප්‍රචාරය සඳහා ජනයා රැවටේ යැයි සිතීම ද වැරදි බව පවසන ඒ මහතා වර්තමාන ආණ්ඩුවට ජනතාව අතිවිශාල බලයක් ලබා දුන්නේ ද මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුවන කාලයක බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුවට වඩා ස්ථාවර ජනප්‍රියත්වයක් තිබූ රාජපක්ෂ ආණ්ඩුවේ විනාශයට ද මෙවැනි රාජ්‍ය මර්දන ක්‍රියා බලපෑ බව මහාචාර්ය දේවසිරි මහතා අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් කියා සිටිනවා.