වැඩි වටිනාකමින් යුත් පැති 07ක් ඇති අලුත්ම කාසියක් එන සතියේ..
Coins
By Thaya
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේ වලින් නිෂ්පාදනය කර තිබේ. කාසි මිලියන 05ක් ලබන මාර්තු 03 වෙනිදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


