අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් බෑණාට මුඟුරකින් පහරදෙයි

death fight ambulance kothmale wedhamull
By Sewvandhi Apr 16, 2021 10:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් මාමා විසින් බෑණාට මුඟුරකින් පහරදී ඊයේ (15) රාත්‍රීයේ මරා දමා ඇතැයි කොත්මලේ පොලීසිය පවසනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොත්මලේ, වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පදිංචිව සිටි ගනේෂන් විජකුමාර් නැමැති (35) හැවරිදි එක්දරු පියෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.

අවුරුදු සාදයේදී මාමා හා බෑණා අතර ඇති වු ආරවුලක් දුරදිග ගොස් මාමා මුඟුරකින් බෑණාගේ හිසට පහරදී ඇති බවත් පසුව 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම්දී එම රථය පැමිණීමට ප්‍රමාදවීම නිසා මාමා සිය ත්‍රී රෝද රථයෙන් තුවාල ලැබු බෑණා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට මාමා දැනට කොත්මලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා පැමිණ සිදු කරන ලබන ස්ථානීය පරීක්ෂා කිරීම්වලින් අනතුරු මියගිය පුද්ගලයාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට කටයුතු කරන බව පොලීසිය කළා. කොත්මලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබනවා.