දිනක් තුළ තුල වැඩිම අවුරුදු උත්සව ගණනක් පැවැත්වීමට සූදානම් වන රාජ්‍ය ඇමති..!
සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සදහන් කළේ, මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 22දා රාජ්‍ය ආයතනික මට්ටමෙන් එක් දිනක් තුළ ශ්‍රී ලංකාව පුරාම වැඩිම අවුරුදු උත්සව ප්‍රමාණයක් පැවැත්වීමට තීරණය කළ බවයි.
ඒ අනුව සෑම සමෘද්ධි බැංකු කලාපයක් සඳහාම එක් අවුරුදු උත්සවය බැගින් අවුරුදු උත්සව 1,809ක් පවත්වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙම අලුත් අවුරුදු උළෙල මෙන්ම “අපේකම රැකගනිමු – ඉතුරුමට මඟ කියමු” යන මැයෙන් ඉතුරුම් හා ප්‍රවර්ධන අලුත් අවුරුදු වැඩසටහන් රාශියක්ද පැවැත්වීමට නියමිත බව සඳහන්.
මේ අතර සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ මේ සඳහා රුපියල් කෝටි 08ක් වැය වන බවයි.
ඒ අනුව එම මුදල පියවා ගැනීම සඳහා එක් සමෘද්ධි බැංකුවකින් එහි අරමුදල්වලින් රුපියල් 75,000ක් ලබා ගැනීමේ සඳහා ලිපියක් ද යොමු කර ඇති බවයි සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |