මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන්ට විවෘත වරෙන්තු..

Report

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදු වූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට හා අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

ජන හා නිවාස සංගණනය ගැන විශේෂ නිවේදනයක්..

ජන හා නිවාස සංගණනය ගැන විශේෂ නිවේදනයක්..

එම සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණද එකී නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එකී බැඳුම්කර මිලදී ගැනීම මගින් රජයට රුපියල් මිලියන 600කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

සහල් ආනයනය පිළිබද රජය ගත් අලුත්ම තීරණය..

සහල් ආනයනය පිළිබද රජය ගත් අලුත්ම තීරණය..

මේ වන විට රුපියල් කෝටි 355ක වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස් මෙම නඩුවේ සැකකරුවකු වන අතර ඊළඟ නඩු වාරයේ දී ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

You may like this video