අනිල් ජාසිංහ ගෙන් අලුත් වැඩක්!!!

Anil Jasinghe
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

පරිසර පනත සංශෝධනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

1980 වසරේ ප්‍රකාශිත පරිසර පනත මේ වනතෙක් බලාත්මක වන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ.

නමුත් එහි ඇතැම් කරුණු කල් ඉකුත් වී ඇති බැවින්, කාලෝචිත පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ, ඉදිරි මාස 3 ඇතුළත සංශෝධන කටයුතු සිදු කර අවසන් කරන බවයි.

පරිසර විනාශය සිදු කරන්නන් ගෙවිය යුතු දඩ මුදල් ප්‍රමාණය ද , සංශෝධනය වන නව පනත යටතේ ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදා ඇති බවත් ඔහු අවධාරණය කරනවා.