”නව වෛරස ප්‍රභේදය වේගයෙන් පැතිර යා හැකියි….” රට ලොක් ඩවුන් කරයි?...

Covid-19
By Thaya Feb 15, 2021 06:40 PM GMT
Thaya

Thaya

Report

නව කොරෝනා ප්‍රභේදයේ අසාදිත රෝගීන් මු වූ ප්‍රදේශයන්හි සංචරණය සීමා කිරීමට පියවර ගන්නා බව කොවිඩ් රෝග මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. එම ප්‍රදේශවලින් පිටතට වෛරසය පැතිරී යාම අවම කිරීම සඳහා සංචරණ සීමා පැනවයි යුතුව ඇති බවයි. මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇති බව ද ඇය සඳහන් කළා ය. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ, පවතින තත්වය යටතේ ජනතාව වඩා ආරක්ෂාකාරී විය යුතු බවයි.

මේ පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා කොරෝනා වෛරස් ප්‍රභේදයේ වෙනස්වීම් පිළිබඳ විශ්ලේෂණය කරන විශේෂඥයින් හා සෞඛ්‍ය බලධාරීන් අතර හමුවක් අද දිනයේ පැවැත්වෙනු ඇති. බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂවරයා පසුගිය සතියේ ප්‍රකාශ කළේ ය. එම නව වෛරස් ප්‍රභේදය මෙරට ද ඇති බව තහවුරු වී තිබුණේ, ඉහත ප්‍රදේශවලින් ලබා ගත් අහඹු නියැදි පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.