සඳුදා සිට පොලීසියෙන් අලුත් වැඩක්

Weston province police unite deshabandu thennakoon field force headquaters
By Sewvandhi Jul 17, 2021 04:12 AM GMT
Report

ප්‍රජා පොලිස් ඒකකය හරහා ගම් මට්ටමින් ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ලබන සදුදා (19) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

අපරාධ නිවාරණ පොලිස් රාජකාරියන් සෘජුවම ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒකක හරහා සිදුකරවා ගැනීම මෙම නව වැඩපිළිවෙලේ අරමුණ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

අදාළ වැඩපිළිවෙල සඳහා මාර්ගෝපදේශ අඩංගු අත්පොත් ප්‍රදානය‍ කිරීම ඊයේ (16) පස්වරුවේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී සිදුවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now