සමෘද්ධිලාභීන් තෝරා ගැනීමට අලුත් ක්‍රමවේදයක්
Methidology
By Thaya
නව සමෘද්ධිලාභීන් බඳවා ගැනීමේ දී දේශපාලනයෙන් තොර විනිවිධභාවයෙන් යුතු වැඩපිළිවෙළක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. මෙම නව ක්‍රමවේදය යටතේ, විවිධ හේතුන් මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ඉවත්ව යන සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වෙනුවට සුදුසුකම්ලත් නව පවුල් ප්‍රතිලාභීන් ලෙස එක්කර ගැනීමට නියමිත ය. ඒ සඳහා වන චක්‍රලේඛය ඉකුත් 11 වනදා නිකුත්කර ඇත. ඒ අනුව කඩිනමින් නව සමෘද්ධිලාභීන් එක් කරගැනීම ආරම්භ කෙරෙන අතර මාර්තු මස 01 දා සිට ඔවුන් වෙත සහනාධාර පිරිනැමීම ආරම්භ කෙරේ.
