දඹුල්ලට නව කම්කරු කාර්යාලයක් ..

Dambulla
By Thaya Mar 26, 2021 05:48 PM GMT
Report

දඹුල්ල නගරයේ රුපියල් මිලියන 60 කින් ඉදිකළ කම්කරු දෙපාර්තුමේන්තුවේ නව ගොඩනැගිල්ල මෙ මස 27 වැනි දින පෙරවරුවේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරේ. සීඝ්‍රයෙන් කාර්මීකරණය වෙමින් දියුණු වෙන කලාපයක් වන දඹුල්ල ප්‍රදේශයේ කම්කරු ජනතාවට සේවා පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් කම්කරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය ඉදිකොට තිබේ.

මෙසේ ඉදිකළ එක් මහල් ගොඩනැගිල්ල මගින්,දඹුල්ල, නාවුල, ලග්ගල, විල්ගමුව යන ප්‍රදේශවල විවිධ පෞද්ගලික ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වල සේවක සේවිකාවන්ගේ සේවිකාවන්ගේ කම්කරු සුභ සාධන කටයුතු ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. මෙතෙක් මෙම කම්කරු කාර්යාලයේ පැවතියේ නාවුල ප්‍රදේශය බවත්,එම ස්ථානයේ ඇති අවම ඉඩපහසුකම් හේතුවෙන් විවිධ සේවා සඳහා පැමිණෙන කම්කරු ජනතාවට සිදුවන අපහසුතා මගහැරීම අරමුණු කරගනිමින් දඹුල්ල නගරාසන්න නව කම්කරු කාර්යාල ස්ථාපිත කළ බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

මෙම කාර්යාලය මගින් ආයතන 840 සේවය කරන සේවක සේවිකාවන් 11589 අදාල කම්කරු සේවා ඉටු කරනු ලබයි. සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාදීම,කම්කරු පැමිණිලි භාර ගැනීම සහ ඒ පිළිබඳ ක්‍රියාත්මකවීම,ආයතනවල සේවක සුරක්ෂිතතාවය පිළිබඳ විමර්ශන කටයුතු කිරීම සහ ඊට අදාළ ඉදිරි කටයුතු කිරීම, පඩිපාලක සභා 23කට අදාල ආයතන 840 සේවක සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම මෙම කාර්යාලය මගින් සිදු කෙරෙන බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පවසයි.