ජුනි 05 වෙනිදා සිට 12 වනදා දක්වා - ජපන් යන්න ආසාවෙන් ඉන්න ඔයාටයි මේ පණිවිඩය..

Report

ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරිමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් ලබන ජූලි මාසයේ දී මෙරටට හදුන්වා දීමට නියමිතය.

ජුනි 05 වෙනිදා සිට 12 වනදා දක්වා - ජපන් යන්න ආසාවෙන් ඉන්න ඔයාටයි මේ පණිවිඩය.. | New Jobs From Japan

ඒ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ඒ අනුව මෑතක දී අලූතින් එක් කරන ලද ඉදිකිරීම්, ගුවන් තොටුපළ බිම් හැසිරවීම සහ නවාතැන් කර්මාන්තය යන ක්ෂේත්‍ර සමඟින්, ගොඩනැගිලි පිරිසිදු කිරීම් ඇතුලූ ක්ෂේත්‍ර හතක කුසලතා පරීක්ෂණ සඳහා ජුනි මස පස්වනදා සිට 12 වනදා දක්වා අයදුම් කළ හැකි ය.

කෙසේ වෙතත්, ජපානය විසින් දැනට මෙරට ශ්‍රමිකයින් 37,000කට රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.