විදෙස්ගතව සිට පැමිණෙන පිරිසට අදාළ නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

Abroad
By Thaya Mar 20, 2021 12:02 PM GMT
Thaya

Thaya

Report

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සඳහා වන සංශෝධිත නිරෝධායන මාර්ගෝපදේශ මාලාව නිකුත්කර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත්කර ඇත. එහි සඳහන් මාර්ගෝපදේශ කිහිපයක් මෙසේය:

1. මෙරටට පැමිණෙන ශ්‍රී ලංකික පුරවැසියන්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා ක්‍රමවේදය. A. නිර්දේශ කළ කොවිඩ් -19 එන්නත් මාත්‍රා සම්පූර්ණ කළ සහ එන්නතකරණ ක්‍රියාවලිය සම්පූර්ණකර සති දෙකකට පසුව පැමිණෙන මගීන්.

1. නිර්දේශ කළ කොවිඩ් එන්නත් මාත්‍රා ලබා තිබිය යුතුය.

2. එම මාත්‍රා ලබා සති දෙකකට පසුව පැමිණිය යුතුය.

3. එන්නත් ලබාගත් බවට වූ සහතිකය ගුවන්තොටුපලේ දී එහි සිටින සෞඛ්‍ය නිලධාරියාට ඉදිරිපත් කළ යුතුය.

4. පැමිණෙන මගීන් ව රජය විසින් නියමිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යා යුතුය.

5. පැමිණ පැය 24ක් ඇතුළත රජයේ අනුමත පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ ස්ථානයකින් PCR පරීක්ෂණයක් කළ යුතුය.

6. PCR පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් යැවිය හැකිය.

7. නිවසට යාම සඳහා ප්‍රවාහන පහසුකම් අදාළ පුද්ගලයා විසින් සකසා ගත යුතුය.

8. නිවසට පැමිණීමෙන් අනතුරුව ඒ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැනුම් දිය යුතුය. ඒ බව දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් දැනුම්දීම කළ හැකි අතර අවශ්‍ය වුවහොත් නිරෝධායන මධ්‍යස්ථානය නිකුත්කළ ලිපිලේඛන ඉදිරිපත් කළ යුතුය.

9. PCR වාර්තාවෙන් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වූ එවැනි මගින් සඳහා නැවතත් නිරෝධායනය වීම අනවශ්‍යය.

10. එවැනි පුද්ගලයින්ගේ තොරතුරු ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් පළාත් වසංගත රෝග ප්‍රධානියාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වෙත විද්‍යුත් තැපෑලෙන් යැවිය යුතුය.

11. මෙරටට පැමිණි සියලු දෙනා දින 7කට පසුව නැවතත් PCR පරීක්ෂණයකට ලක්විය යුතුය.

12. යම් රෝග ලක්ෂණයක් හෝ ස්වසන ආබාධයක් මතුවුවහොත් ඒ පිළිබඳව හැකි ඉක්මණින් ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැන්විය යුතුය.

13. සියලුම PCR පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැන්විය යුතුය.

14. PCR පරීක්ෂණ වාර්තාව අනුව ආසාදිත බවට තහවුරු වුවහොත් ඒ ගැන ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ව දැනුවත් කළ යුතු අතර පසුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති ප්‍රතිකාර ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.