තවත් නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක්

covid19 india china vaccination delta plus variety
By Sewvandhi Jul 31, 2021 03:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

“ඩෙල්ටා ප්ලස්” ලෙස හැඳින්වෙන නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මෙම නව ප්‍රභේදය ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු ලෙස පැතිරයා හැකි අතර සංකූලතා ද ඉහළ මට්ටමක පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර චීනයේ, වූහාන් නගරයෙන් ආරම්භ වී පසුව නැන්ජියෑන් නගරයේ පැතිර ගිය කොවිඩ් වසංගතය මේ වනවිට බීජිං අගනුවර සහ තවත් පළාත් 05 කට ව්‍යාප්ත වී තිබෙනවා.

වූහාන් වසංගත තත්ත්වයට පසු වාර්තාවන දරුණුතම වෛරස් ව්‍යාප්තිය මෙය බවයි චීන බලධාරීන් පවසන්නේ.

පසුගිය ජූලි 20 වැනිදා නැන්ජියෑන් ගුවන්තොටුපොළේදී පළමුව ආසාදිතයින් හඳුනා ගැනීමෙන් පසු මේ වනවිට 200කට අධික ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ තත්ත්වය හමුවේ නැන්ජියෑන්, ගුවන්තොටුපොළේදී සියලු ගුවන් ගමන් අගෝස්තු 11වැනි දා දක්වා අත්හිටුවා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now