ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබද මතුව ඇති ගැටලු නිරාකරණයට නව පනත් කෙටුම්පතක්

Report

  ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා සදහන් කර තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් 200 දෙනෙකු පමණ මේ වන විට සිය දිවි නසාගැනීමට පෙළඹී ඇති බව එතුමා පෙන්වා දෙන ලදි. ලක්ෂ්මන් නිපුනාරච්චි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

තවද කොළඹ කොටස් වෙළෙඳපොළ නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් රුපියල් මිලියන ගනණක මුදලක් තැන්පත්කරුවන්ට වංචා කර තිබෙන බව වාර්තා වේ.

ව්‍යාජ ජංගම යෙදුමක් හරහා මෙම වංචාව සිදුකර තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා සඳහන් කර තිබේ .

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙන බව සදහන් වේ.

තවද පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම වංචාව සිදුවෙමින් පවතින බවත් වාර්තා වී තිබේ.

නිරෝෂන් විජේසුන්දර මහතා විසින් ඉල්ලීමක් කර ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී මේ පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන ලෙස තැන්පත්කරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.  

අනේ දෙවියනේ ගෙට ගිනි තියපු තාත්තා ඒ ගින්නටම අහුවෙලා මියගිහින්, දියණියත් මරු තුරුලට

අනේ දෙවියනේ ගෙට ගිනි තියපු තාත්තා ඒ ගින්නටම අහුවෙලා මියගිහින්, දියණියත් මරු තුරුලට