උද්භිත උද්‍යාන සදහාත නව පනතක් -අවසර ඉදිකිරීම් ,පදිංචිය නතර කිරීමට පියවර....
අනවසර පදිංචි වීම් හා ඉදිකිරීම් නතර කිරීමට මෙරට සියලු උද්භිද උද්‍යාන අලුතින් සීමා නීර්ණය කෙරේ.ඒ සඳහා 1928 අංක 31 දරණ උද්භිද උද්‍යාන පනත සංශෝධනය කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.දැනටමත් අපේක්ෂිත නව නීති කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තුමේන්තුවට වෙත යොමු කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කරයි
වසර 90කට අධික කාලයක් පැරණි උද්භිද උද්‍යාන අඥාපනත 1973 දී නව ජනරජ ව්‍යවස්ථාවට අනුව සුළු සංශෝධනයකට ලක්ව ඇති අතර වෙනත් කිසිදු සංශෝධනයක් මේ දක්වා සිදුවී නොමැත. 2010 වසරේදී එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කිසියම් උත්සහයක් දරා ඇතත් එයද අතරමග නතර වී තිබේ.1928 අංක 31 ආඥා පනතෙන් ආවරණය වී ඇත්තේ පේරාදෙණිය, හග්ගල හා ගම්පහ උද්භිද උද්‍යාන පමණි. මේ වනවිට හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයත්, අවිස්සාවෙල්ල තෙත් කලාපීය උද්භිද උද්‍යානයත් විවෘත වී තිබේ.පැරණි උද්භිද උද්‍යාන වල ඉඩම් වල අනවසර පදිංචිකරුවන් හේතුවෙන් එම උද්‍යාන වල සීමා මායිම් පිලිබඳවද ගැටලු මතුව තිබේ.පේරාදෙණිය, හග්ගල හා ගම්පහ උද්භිද උද්‍යාන වල සීමා මායිම් 1928 අංක 31 දරණ උද්භිද උද්‍යාන ආඥා පනතේ පළමු උපලේඛනයේ ඇතුලත් වන අතර එය එලෙසින්ම නව ආඥා පනතට ඇතුලත් කිරීමටද පසුව ආරම්භ කෙරුණු වියළි කලාපීය හා තෙත් කලාපීය උද්භිද උද්‍යාන වල සීමා මායිම් ගැසට් නිවේදනයට අදාලව නව පනතට ඇතුලත් කිරීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා කියයි.
ශ්‍රී ලංකාවේ ශාක හඳුනාගැනීම හා ශාක විද්‍යාත්මකව තහවුරු කිරීම, ශාක නාමකරණය හා ශාක නිදර්ශක සංරක්ෂණය සඳහා නිත්‍යානූකූල බලය උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව යටතේ පවතින ජාතික ශාකාගාරයට අයත් වුවද ආඥා පනත මගින් එය තහවුරු කර නැත.එමෙන්ම උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව මගින් මල්වගා සමිති පිහිටුවමින් මල්වගා විෂය ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ව්‍යාප්තිය සිදුකරනු ලබන අතර එයද නව පනතට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා කියයි. උද්භිද උද්‍යාන පනත අහෝසි කර නව පනතක් ගෙන ඒම සඳහා වන යෝජනාව තමන් විසින් ඊයේ (01) කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කල බවත් ඒ සඳහා අනුමැතිය හිමිවූ බවත් පවසා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉතා ඉක්මනින් නව පනත කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කලේය.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)