විදේශිකයින් නිසා අළුත් අනතුරක් - සෞඛ්‍ය අංශ හෙළිකරයි

Accident
By Thaya Jan 05, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

ලොව පුරා පැතිරෙන කොරෝනා වෛරසයේ විවිධ ප‍්‍රභේද මෙරටට පැමිණෙන විදේශිකයින් හරහා රට තුළට ඇතුළුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. එබැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට ඊට සම්බන්ධ සියලූ පාර්ශව වගබලාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මෙරටට පැමිණෙන සංචාරකයින් රටතුළ සංචාරය කරන්නේ සිය නිරෝධායන කාල සීමාව තුළවීම මෙම අවදානමට හේතුව බවයි. ජෛව ආරක්ෂක බුබුළක් තුළ මෙම සංචාරකයින් සිය සංචාර සිදුකළ ද, සංචාරකයින් සමග ගැටෙන සියලූදෙනා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැදීම අත්‍යවශ්‍ය වී ඇති බවයි ඔහු කියා සිටියේ. කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ ගුවන් තොටුපළ ඉකුත් 28 වනදා සංචාරකයින් වෙනුවෙන් විවෘත කෙරුණේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි. ඒ යටතේ යුක්රේන ජාතිකයින් ඇතුළු සංචාරකයින් 500 කට අධික පිරිසක් මෙරටට පැමිණ සිටිනවා. ඒ අතරින් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මෙරටදී සිදුකරන ලද PCR පරීක්ෂණවලදි තහවුරු වුණා. මෙරටට පැමිණි එම යුක්රේන ජාතික සංචාරකයින්ගෙන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරය කිරීම හේතුවෙන් සෆාරි ජීප්රථ රියදුරන් 27 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට යොමු කිරීමටයි ඊයේ පියවර ගැනුණේ. ඒ අනුව මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් අද සහ හෙට යන දෙදින සංචාරය කිරීමට නියමිතව තිබූ පොළොන්නරුව සහ සීගිරි සංචාර අවලංගු කිරීමට සංචාරක අමාත්‍යංශය අද පියවර ගත්තා. මේ අතර තවත් යුක්රේන ජාතිකයින් 97 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීයා. රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ නියමු ව්‍යාපෘතියෙන් පසු විදෙස් සංචාරකයින් ඇතුළු සියලූ වාණිජ ගුවන් යානා සඳහා ද ජනවාරි 22 වනදා සිට ගුවන් තොටුපළ විවෘත කිරීමට සූදානම් බවයි