මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චිට ඇප
රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා වශයෙන් උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින මෙන් නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින්.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අඳාළ නියෝගය නිකුත් කර තිබෙනවා.
එහිදී සැකකරු රුපියල් 50,000/- ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින මෙන් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් සඳහන් කළා.
ඉන් පසුව නඩුව එළඹෙන ජනවාරි මස 16 වන දින කැඳවන මෙන් නියෝග කර තිබෙනවා.