දෙමලෙන් ජාතික ගීය ගයන්න අවශ්‍යයි..- ආණ්ඩුවේ මන්ත‍්‍රී සුරේෂ් රාඝවන්
National Anthem
By Thaya
නිදහස් දින උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගැයීම ආණ්ඩුවේ ප්‍රාථමික ලක්ෂණ විදහා පෑමක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා සඳහන් කරයි. දෙමළෙන් ජාතික ගීය ගායනයට ඉඩ නොදෙන්නේ නාගරික ජීවත් වන සුළු පිරිසකගේ වුවමනා මත බව ද වසන මන්ත්‍රීවරයා දෙමළ ජාතිකයනට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ අයිතිය තිබිය යුතු යැයි ද කියා සිටී.
ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට විරුද්ධ නොවන බවද පවසන ඔහු තමන් ද සිංහල භාෂාව ඉගෙන ගත්තේ බෞද්ධ භික්ෂුයකගෙන් බවද සඳහන් කරයි. පුවත් පතක් සමග සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.