‘මාර්ග ආරක්ෂණ කලාප’ පිළිබඳ ජාතික වැඩසටහන. “හරියට යමු - දකුණෙන් යමු.”

Education
By Thaya Mar 25, 2021 07:36 PM GMT
Thaya

Thaya

Report

දිනෙන් දින රිය අනතුරුවලින් මිය යන හා ආබාධිත වන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින අතර,ඉහල යන අනතුරු සංඛ්‍යාව අවම කරලීම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරීමේ ‘මාර්ග ආරක්ෂණ කලාප’ පිළිබඳ ජාතික වැඩසටහන දියත් කරන බව ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළකලේ අද දින (24) කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදි පැවැති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් දියත් කළ ‘මාර්ග ආරක්ෂණ කලාප’ පිළිබඳ ජාතික වැඩසටහන. “හරියට යමු - දකුණෙන් යමු.” වැඩසටහනට එක්වු අවස්ථාවේදීය .

මෙහිදී අදහස් දැක් වු ගාමිණි ලොකුගේ මහතා , අද අපි වැදගත් කටයුත්තක් ආරම්භ කරන මොහොතlක්. , විශේෂයෙන්ම ගත වු සතිය තුළ සිදු වු මාරක රිය අනතුරු මගින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුවා. විශාල පිරිසක් විවිධ ආබාධ වලට ලක් වෙලා තිබෙනවා .පසුගිය දා පස්සර ලුණුගල මාර්ගයේදි රියදුරන්ගේ නොසැලකිල්ල හා වෙනත් බාහිර හේතු සාධක නිසා මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වීමෙන් වටිනා ජීවිත 14ක් අවාසනාවන්ත ලෙස අපට අහිමි වුනා. ඒකෙන් ඇත්තටම අපට කරුණු දෙකක් අවබෝධ කර ගන්න පුළුවන්. එනම්, මාර්ගයේ අනතුරුදායක තැනක් නිසා වාහන දෙකම පැදවු රියදුරන් මීට වඩා සැලකිල්ලකින් රිය ධාවනය කලා නම් අපට ඒ ජීවිත අහිමිවීම වල්ක්වා ගන්න තිබුණා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් මීට මාස ගණනාවකට කලින් ගත්ත තීන්දුවකට අනුව රටේ මාර්ග නීතිරීති පිළිබඳව රටේ ජනතාවත් විශේෂයෙන්ම පාසල් දරුවන් හා රියදුරන්වත් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන්න අවශ්‍යයි කියලා.

අද තරුණ පරම්පරාව විශාල වශයෙන් යතුරුපැදි ධාවනයට යොමු වී තිබෙනවා යතුරුපැදි මගින් විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිදුවෙන බව දත්ත මගින් පැහැදිලි වෙලා තියෙනවා. එම නිසා මෙම තරුණ දරුවන් යතුරුපැදි හෝ වෙනත් ඕනෑම වාහනයක් ධාවනයේදි මාර්ග නීති රීති පිළිපැදීම හා විනයගරුක වීම ඉතාම වැදගත් වන බව අපගේ හැඟීමයි.

එම නිසා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් දිවයින පුරා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාවට නගා නිරන්තයෙන් මහජනතාව මාර්ගයේ නීති රීති පිළිපැදීම හා විනයගරුක ලෙස රිය පැදවීම,මාර්ගයේ ගමන් ගන්නාවිට මාර්ග නීති පිළිපැදීම වැනි කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමට පියවර ගත යුතුයි. ඒ යටතේ තමයි අද දිනයේ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඒ සම්බන්ධව දැනුමක් ලබාදීමට අවශ්‍ය අධ්‍යාපනික වැඩසටහන් සහ ප්‍රායෝගික දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන්නේ. මහජනයා ගැවසෙන ස්ථානවල මාර්ග සංඥා පුවරු ප්‍රදර්ශනය කර ඒ පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කරවීමට කටයුතු කළ යුතුයි. මෙවැනි ආකාරයට දීප ව්‍යාප්තව ජනතාව දැණුවත් කිරිමේ වැඩ සටහන් ඉදිරියටත් කළ යුතු බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට කැස්බෑව නගර සභාවේ නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා, නාගරික මන්ත්‍රී සුමන විවියන් රණවීර,ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච්. තිලකරත්න,මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ සභාපති ආර්.එන්.ඇන්ටන් ද මෙන්ස්, කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි තක්ෂිලා කළ්‍යාණි මහත්මිය ඇතුලු ගුරුභවතුන් හා සිසු දැරියන් ද කොළඹ ජාතික රෝහලේ හෙද නිළධාරිනියන් පුහුණු කිරිමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයියා මෙනෙවියද සහභාගිවුහ.

GalleryGalleryGallery
ReeCha