නාසා රොබෝ යානාව අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩ බස්වයි

NASA Robotics
By Thaya Feb 19, 2021 08:37 PM GMT
Report

රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසනවා. එහි සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයටයි. ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් රෝද හයකින් යුත් මෙම රොබෝ යානය මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු වන අතර, මෙය වසර දෙකක් අඟහරු මත පරීක්ෂණ සිදුකරනු ඇති. එමඟින් ග්‍රහයා මත පැරණි ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිත වනවා. එමෙන්ම රතු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් අරමුණක්. මේ අතර පළමු වරට අඟහරු ග්‍රාහය තුලදී ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කිරීමටත් නාසා ආයතනය සුදානම් වනවා.