කුරාණය අරන් කළු ඉරිදා දේව මෙහෙයට මුස්ලිම් කාන්තාවක් පැමිණෙයි – පරීක්‍ෂණ ඇරඹේ

Police
By Thaya Mar 09, 2021 05:12 PM GMT
Report

කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේදී පාස්කු ප‍්‍රහාරයට විරෝධය පාමින් පැවති කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙන පැමිණි කාන්තාවක කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉංග‍්‍රීසි නමකින් පෙනී සිටි 53 හැවිරිදි මෙම කාන්තාව දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටියදී සැකකළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන ඇත. ප‍්‍රශ්න කළ අවස්ථාවේ මෙම කාන්තාව තමාගේ සැබෑ නම හෙළිකර ඇති අතර එය මුස්ලිම් ජාතික නමකි. අත්අඩංගුවට ගත් කාන්තාව කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.