මුස්ලිම්වරුන්ට නිවේදනයක්

By Wasantha Apr 29, 2021 10:20 AM GMT
Report

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිකුරාදා සහ රාමසාන් දිනවල මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන ආගමික වතාවත් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි වකුෆ් සභාව එම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි. දිනකට පස් වරක් යාඥා කිරීම සඳහා පල්ලියකට එකවර රැස්විය හැක්කේ උපරිමව 25 දෙනෙක්ට පමණි.

එම අවස්ථාවලදී මුඛ ආවරණ පැලඳී ම අනිවාර්ය වන අතර එකිනෙකා අතර පරතරය මීටරයක් පවත්වාගත යුතුය. දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ඇති සියලු මුස්ලිම් පල්ලි නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට ද තීරණය කර තිබේ.  

[7G7CUK ]