අවි ආයුධ සහ ජීව උණ්ඩ තොගයක් සමග මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

Police
By Thaya Feb 11, 2021 02:32 PM GMT
Report

කටාන පොලිස් වසමේ මිරිස්වත්ත දෙමංහංදිය ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී ,පිස්තෝල දෙකක් සහ තවත් ගිනිඅවි හයක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ගෝනහේන විශේෂ කාර්ය බලකායේ බුද්ධ නිලධාරින් විසින් අද පෙරවරුවේ මෙම වැටලීම සිදු කරනු ලැබුවා. ගිනිඅවි වලට අමතරව ජීව උණ්ඩ විශාල තොගයක් සමඟ තවත් උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා . එම වැටලීමේදී මුස්ලිම් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ඇතුළු අවිආයුධ කටාන පොලිසියට භාරදී තිබෙනවා.


GalleryGalleryGalleryGalleryGalleryGallery