පිල්ලයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කරගනී

pillayan case withdrawn
By Thaya Jan 13, 2021 05:27 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලේයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වු ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති දෙපාර්තමේන්තුව අද මඩකලපුව මහාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

මඩකළපුව මහාධිකරණයේදී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.ඒ අනුව ලබන බදාදා මහාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.