නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක නාහිමි කොරෝනා වැළඳී අපවත් වෙති!

covid19 seruvila mangala temple sangha leader munhene meththaraama thero
By Sewvandhi May 12, 2021 05:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණ වංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අපවත්වී ඇතැයි එම විහාර ආරංචි මාර්ග කියයි.

අක්මාවේ සම්බන්ධ ශල්‍යකර්මයක් සඳහා මීට මසකට පමණ පෙර ඉන්දියාවට ගිය උන්වහන්සේ එම රෝහලේ දී ශල්‍යකර්මයට සූදානම්ව සිටන අතරතුර කොරෝනා ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබුණු බව එහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පවසති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now