කොවිඩ් සුව වූ සිසුවා මාසයකට පසු මිය යයි

death student mundalama puttalama madhurankuliya
By Sewvandhi May 05, 2021 12:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුන්දලම කරුන්ගාඩිචෝලේ ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුවකු හදිසියේ අද (5දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ආනන්ද මුර්ති ශෂීකුමාර් නැමති සිසුවෙකුයි.

මරණයට පත් සිසුවා පුත්තලම නගරයේ කුලි නිවාසයක සිටියදී මෙසේ මරණයට පත්ව තිබේ. මෙම සිසුවාගේ මව මදුරන්කුලිය ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදි කොරෝනා ආසාධිතව සිටි බවත් ඒ සමගම මෙම සිසුවාටද කොරෝනා ආසාධිතව තිබුණි.

පසුව ඔහු ප්‍රතිකාර ලබා පැමිණ මසකට පසුව මෙසේ මරණයට පත්ව තිබේ. සිසුවා නවාතැන් ගෙන සිටි ස්ථානයේ හිමිකරු 19 අලුයම සිසුවා පාඩම් කටයුතු සඳහා අවදි කළද අවදි නොවීම නිසා සොයා බැලිමේදි දරුවා සිහිසුන්ව සිටිම නිසා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ වන විටත් සිසුවා මරණයට පත්ව තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. කෙසේ වෙතත් මෙම සිසුවා කොවිඩ් පරීක්ෂාවකට යොමු කිරීමට නියමිත අතර පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now